Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
39 verses
1බෙන්යමින්ට දාව ඔහුගේ කුලුඳුලාවූ බෙලාද දෙවෙනියාවූ අෂ්බෙල්ද තුන්වෙනියාවූ අහරාද;
2සතරවෙනියාවූ නෝහාද පස්වෙනියාවූ රාපාද උපන්නෝය.
3බෙලාට පුත්රයෝ සිටියෝය, එනම්: අද්දාර්, ගේරා, අබිහුද්;
4අබිෂුවා, නාමාන්, අහෝවා;
5ගේරා, ෂෙපුපාන් සහ හුරාම්ය.
6ඒහුද්ගේ පුත්රයෝ මොව්හුය. මොව්හු ගෙබාහි වැසියන්ගේ පිය වංශවල ප්රධානියෝය, මොව්හු ඔවුන් මානහත්ට ගෙන ගියෝය.
7ඊට පසු ඔහු නාමාන් අහියා සහ ගේරා ගෙන ගියේය; ඊට පසු ඔහුට දාව උස්සාද අහිහුද්ද උපන්නෝය.
8ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය.
9ඔහුගේ භාර්යාවවූ හොඩෙෂ්ගෙන් යෝබාබ්ද ශීබියාද මේෂාද මල්කාම්ද;
10යෙවුශ්ද ෂාඛියාද මිර්මාද ඔහු නිසා උපන්නෝය. මොව්හු ඔහුගේ පුත්රයෝව පිය වංශවල ප්රධානියෝව සිටියෝය.
11හුෂීම්ගෙන් අබිතුබ් සහ එල්පයල් ඔහු නිසා උපන්නෝය.
12එල්පයල්ගේ පුත්රයෝ නම්: ඒබෙර්, මිෂාම් සහ ෂෙමෙඩ්ය, ඔහු ඕනෝද ලොද්ද එහි ගම්ද ගොඩනැඟුවේය.
13අයාලෝන්හි වැසියන්ගේ පිය වංශවල ප්රධානියෝවූ, ගාත්හි වැසියන් පන්නාදැමුවාවූ බෙරියා සහ ෂෙමායා;
14අහියෝද ෂාෂාක්ද යෙරේමොත්ද;
15,16සෙබදියාද ආරාද්ද එදෙර්ද; මීකායෙල්ද, ඉෂ්පාද යෝහාද බෙරියාගේ පුත්රයෝය;
17සෙබදියාද මෙෂුල්ලාම්ද හිස්කීද හෙබෙර්ද;
18ඉෂ්මෙරයිද ඉස්ලියාද යෝබාබ්ද එල්පයල්ගේ පුත්රයෝය;
19යාකීම්ද සික්රීද සබ්දීද;
20එලියේනයිද ශිල්ලෙතයිද එලියෙල්ද;
21අදායාද බෙරායාද ෂිම්රාත්ද ෂිමෙයිගේ පුත්රයෝය;
22ඉෂ්පාන්ද එබෙර්දී එලියෙල්ද;
23අබ්දොන්ද සික්රීද හානාන්ද;
24හනනියාද ඒලාම්ද අන්තොතියාද;
25ඉප්දෙයාද පෙනූයෙල්ද ෂාෂාක්ගේ පුත්රයෝය;
26ෂම්ෂෙරයිද ෂෙහරියාද අතලියාද:
27යාරෙෂියාද එලියාද සික්රීද යෙරොහාම්ගේ පුත්රයෝය.
28මොව්හු තමුන්ගේ පරම්පරාවලින් පිය පෙළපත්වල මූලික ප්රධානියෝව සිටියෝය. මොව්හු යෙරුසලමෙහි විසුවෝය.
29ගිබියොන්ගේ පියවූ යෙයීයෙල් ගි��ියොන්හි විසුවේය, ඔහුගේ භාර්යාවගේ නම මයකාය.
30ඔහුගේ කුලුඳුල් පුත්රයා අබ්දොන්ය, අනික් පුත්රයෝ ශූර්, කීෂ්, බාල්, නාදාබ්;
31ගෙදොර්, අහියෝ සහ සෙකෙර්ය.
32මික්ලොත්ට දාව ෂිමෙයා උපන්නේය. ඔව්හුද තමුන්ගේ සහෝදරයන් සමඟ තමුන්ගේ සහෝදරයන් ඉදිරිපිටින් යෙරුසලමෙහි වාසයකළෝය.
33නේර්ට දාව කීෂ්ද කීෂ්ට දාව සාවුල්ද සාවුල්ට දාව යොනාතාන්ද මල්කී-ෂුවාද අබිනාදාබ්ද එෂ්බාල්ද උපන්නෝය.
34මෙරිබ්-බාල් යොනාතාන්ගේ පුත්රයාය; මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේය.
35මීකාගේ පුත්රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය.
36ආහාස්ට දාව යෙහෝවද්දාද යෙහෝවද්දාට දාව ආලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රීද උපන්නෝය; සිම්රීට දාව මෝශාද;
37මෝශාට දාව බිනෙයාද උපන්නෝය; ඔහුගේ පුත්රයා රාපාය, ඔහුගේ පුත්රයා එලෙයාසාය, ඔහුගේ පුත්රයා ආශෙල්ය.
38ආශෙල්ට පුත්රයන් හදෙනෙක් සිටියෝය, ඔවුන්ගේ නාම මේවාය: අස්රීකාම්, බොකෙරු, ඉශ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන්ය. මේ සියල්ලෝ ආෂෙල්ගේ පුත්රයෝය.
39ඔහුගේ සහෝදරවූ එෂෙක්ගේ පුත්රයෝ නම්: ඔහුගේ කුලුඳුලාවූ ඌලාම්ය, දෙවෙනියාවූ යෙවූෂ්ය, තුන්වෙනියාවූ එලිපෙලෙත්ය.
40ඌලාම්ගේ පුත්රයෝ බලවන්ත මනුෂ්යයෝව දුනුකාරයෝව සිටියෝය, ඔවුන්ට පුත්රයෝද පුත්රයන්ගේ පුත්රයෝද බොහෝ දෙනෙක් එනම් එකසිය පනහක් සිටියෝය. මේ සියල්ලෝ බෙන්යමින්ගේ පුත්රයෝය.