Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
12 verses
1පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන එබෙන්-එසෙර්හි සිට අෂ්දොද්ට ගෙනාවෝය.
2පිලිස්තිවරු දෙවියන්වහන්සේගේ පෙට්ටිය රැගෙන ඒක දාගොන්ගේ ගෘහයට ගෙන ගොස් දාගොන් ළඟ තැබූහ.
3අෂ්දොද්හි මනුෂ්‍යයන් පසුවදා අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී තිබෙනවා දුටුවෝය. ඔව්හු දාගොන් රැගෙන නැවත ඔහුගේ ස්ථානයෙහි සිටෙවුවෝය.
4ඔවුන් පසුවදා උදය අලුයම නැගුටුණු කල දාගොන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඉදිරිපිට මුහුණින් බිම වැටී, දාගොන්ගේ හිසද අත් දෙකද කපාදමා එළිපත්ත උඩ තිබෙනවා දුටුවෝය; දාගොන්ට ඉතුරුව තිබුණේ කඳ පමණක්ය.
5ඒ නිසා අද දවස දක්වා දාගොන්ගේ පූජකයෝවත් දාගොන්ගේ ගෘහයට ඇතුල්වෙන්නාවූ වෙන කිසිවෙක්වත් අෂ්දොද්හි තිබෙන දාගොන්ගේ එළිපත්ත නොපාගති.
6එවිට ස්වාමීන්වහන්සේගේ හස්තය අෂ්දොද් වැසියන් කෙරෙහි බරව තිබුණේය, උන්වහන්සේ ඔවුන්ට එනම් අෂ්දොද්හි සහ එහි දිශාවල වැසියන්ට කලල් ගඩු කරණකොටගෙන පහරදී ඔවුන් නාස්තිකළසේක.
7අෂ්දොද් මනුෂ්‍යයෝ ඒ බව දැක: ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟ නොතිබිය යුතුය. මක්නිසාද උන්වහන්සේගේ හස්තය අප පිටත් අපේ දෙවිවූ දාගොන් පිටත් තදව තිබේයයි කීවෝය.
8එබැවින් ඔව්හු පණිවිඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් තමුන් ළඟට රැස්කර: ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගැන අප විසින් කුමක් කටයුතුදැයි කීවෝය. ඔව්හුද: ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගාත්ට ගෙනයනු ලැබේවයි කීවෝය. එසේ ඔව්හු ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ගෙනගියෝය.
9තවද ඔවුන් ඒක ගෙනගිය පසු ස්වාමීන්වහන්සේගේ හස්තය ඒ නුවර පිටට ඉතා මහත් කැලඹීමක් ඇතුව පැමුණුණේය. උන්වහන්සේ නුවර වැසි ලොකු කුඩා සියල්ලන්ට පහරදුන්සේක, ගඩුද ඔවුන් පිට හටගත්තේය.
10එවිට ඔව්හු දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට හැරියෝය. දෙවියන්වහන්සේගේ පෙට්ටිය එක්‍රොන්ට පැමිණි කල එක්‍රොන්වරු මොරගසමින්: අපද අපේ සෙනඟද නසන්ට ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප ළඟට ගෙනාවෝයයි කීවෝය.
11එබැවින් ඔව්හු පණිවිඩ යවා පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස්කර: ඉශ්රායෙල් දෙවියන්වහන්සේගේ පෙට්ටිය අප හා අපේ සෙනඟ නාස්තිනො��රන පිණිස එය ස්වකීය ස්ථානයට හැරී යන්ට යවන්නැයි කීවෝය. මක්නිසාද නුවර මුළුල්ලෙහි මරණීය කැලඹීමක් හටගත්තේය; දෙවියන්වහන්සේගේ හස්තය එහි ඉතා බරව තිබුණේය.
12නොමැරුණු මනුෂ්‍යයෝ ගඩුවලින් පීඩා වින්දෝය. නුවරුන්ගේ විලාපයද අහස දක්වා නැගුණේය.