Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
19 verses
1ඔහුගේ පුත්‍රවූ යෙහෝෂාපාට් ඔහු වෙනුවට රජවී ඉශ්රායෙල්ට විරුද්ධව තමාගේ බලය පිහිටුවාගත්තේය.
2ඔහු යුදා රටේ සියලු බලකොටු නුවරවල හමුදාවන් සිටුවා, යුදා දේශයෙහිද තමාගේ පියවූ ආසා අල්ලාගත් එප්‍රායිම් නුවරවලද මුර සේනාවන් සිටෙවුවේය.
3ස්වාමීන්වහන්සේ යෙහෝෂාපාට් සමඟ සිටිසේක. මක්නිසාද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ ප්‍රථම මාර්ගවල හැසිර, බාල් දේවතාවුන්ට සේවය නොකර,
4තමාගේ පියාගේ දෙවියන්වහන්සේට සේවයකරමින්, ඉශ්රායෙල්වරුන්ගේ ක්‍රියාවල ප්‍රකාරයට නොව උන්වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට හැසුරුණේය.
5එබැවින් ස්වාමීන්වහන්සේ රාජ්‍යය ඔහු අතේ ස්ථිරකළසේක; සියලු යුදාවරු යෙහෝෂාපාට්ට තෑගි ගෙනාවෝය; වස්තුවද ගෞරවයද ඔහුට බොහෝසෙයින් තිබුණේය.
6ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යුදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය.
7තවද ඔහු තමාගේ රජකමේ තුන්වෙනි අවුරුද්දේදී යුදා නුවරවල උගන්වන පිණිස තමාගේ අධිපතීන් වන බෙන්-හයිල්ද ඔබදියාද ශෙකරියාද නෙතනේල්ද මීකායාද,
8ඔවුන් සමඟ ලෙවීවරුන් වන ෂෙමායාද නෙතනියාද ශෙබදියාද අසාහෙල්ද ෂෙමීරාමොත්ද යෙහෝනාතාන්ද අදෝනියාද ටෝබියාද ටෝබ්-අදෝනියාද ඔවුන් සමඟ පූජකයන්වූ එලීෂාමාද යෙහෝරාම්ද යැවුවේය.
9ඔව්හුද යුදාහි උගන්වමින්, ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථා පොත රැගෙන යුදාහි සියලු නුවරවලට ගොස්, සෙනඟ අතරෙහි ඉගැන්නුවෝය.
10යුදා අවට දේශවල සියලු රාජ්‍යයන් පිටට ස්වාමීන්වහන්සේගෙන් භීතියක් පැමුණුණ නිසා ඔව්හු යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධ නොකළෝය.
11පිලිස්තිවරුන්ගෙන් සමහරෙක් යෙහෝෂාපාට්ට තෑගිද රිදීද කප්පන් පිණිස ගෙනාවෝය; අරාබිවරුත් බැටළුවන් හත්දාස් හත්සියයක්ද එළුවන් හත්දාස් හත්සියයක්ද යන සිවුපාවුන් ගෙනාවෝය.
12යෙහෝෂාපාට් අතිශයින් උතුම්ව යුදාහි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැඟුවේය.
13ඔහුට යුදා නුවරවල බොහෝ වැඩපළ තිබුණේය; යුද්ධකාර බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයොත් යෙරුසලමෙහි සිටියෝය.
14ඔවුන්ගේ පියවංශ ලෙස ඔවුන්ගේ ගණන් මේය: යුදාගෙන් සහස්‍රාධිපතියෝ නම්-අධිපතියාව�� අද්නාය, ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ තුන්ලක්ෂයක් සිටියෝය.
15ඊළඟට අධිපතියාවූ යෙහෝහානාන්ය, ඔහු සමඟ දෙලක්ෂ අසූදාහක් සිටියෝය;
16ඊළඟට කැමැත්තෙන්ම ස්වාමීන්වහන්සේට භාරවුණාවූ සික්රීගේ පුත්‍රවූ අමසියාය; ඔහු සමඟ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ දෙලක්ෂයක් සිටියෝය.
17බෙන්යමින්ගෙන් බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්වූ එල්යාදාය, ඔහු සමඟ දුනු හා පලිස්වලින් සන්නද්ධවූ මනුෂ්‍යයෝ දෙලක්ෂයක් වූවෝය.
18ඊළඟට යෙහෝසාබාද්ය, යුද්ධයට සැරසී සිටි එක්ලක්ෂ අසූදාහක් ඔහු සමඟ වූවෝය.
19ඔව්හු රජුට මෙහෙකළාවූ අයය, ඔවුන් ඇර රජු විසින් මුළු යුදාහි බලකොටු නුවරවල සිටෙවු අයත් මෙහෙකළෝය.