Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1එකල සාලමොන් යෙරුසලමෙහි තමාගේ පියවූ දාවිත්ට ස්වාමීන්වහන්සේ පෙනුණු මොරියා කන්දේ යෙබූසියවූ ඔර්ණන්ගේ කමතේ දාවිත් විසින් නියමකළ ස්ථානයෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගන්ට පටන්ගත්තේය.
2ඔහු තමාගේ රජකමේ හතරවෙනි අවුරුද්දේ දෙවෙනි මාසයේ දෙවෙනිදා ඒක ගොඩනගන්ට පටන්ගත්තේය.
3දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනැගීමට සාලමොන් ලූ අත්තිවාරම මේය. පළමු තිබුණ රියන් මිම්මේ හැටියට දිග හැට රියනක්ය, පළල විසි රියනක්ය.
4ඉස්සරහ තිබුණ ද්වාර මණ්ඩපයේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, උස එකසිය විස්සක්ය. එහි ඇතුළත ඔහු පවිත්ර රනින් වැසුවේය.
5ඔහු ලොකු ගෘහයේ ඇතුළ දේවදාර ලීවලින් වසා, එහි හොඳ රත්රන් වසා, ඒ මතුපිට තල්ගස්ද දම්වැල්ද සාදා,
6අලංකාරය පිණිස අනර්ඝ ගල්වලින් ගෘහය සැරසුවේය. ඒ රන් පර්වායිම්හි රන්ය.
7ඔහු ගෘහයද බාල්කද උළුවහුද ඒකේ බිත්තිද දොරවල්ද ඇතුළුව රනින් වැසුවේය. බිත්තිවල කෙරූබ්-රූපද කැටයම්කෙළේය.
8ඔහු අති ශුද්ධ ගෘහයක් සෑදුවේය; ඒකේ දිග ගෘහයේ පළල ලෙසම විසි රියනක්ය, ඒකේ පළලත් විසි රියනක්ය. ඔහු එය හොඳ රන් තලෙන්ත හසියයකින් පමණ වැසුවේය.
9ඇණවල බර රන් ෂෙකෙල් පනහක්ය. ඔහු උඩුමහල් ගෙවලුත් රනින් වැසුවේය.
10ඔහු අති ශුද්ධස්ථානයෙහි කෙරූබ්-රූප දෙකක් කපා සාදා තැබුවේය; ඒවා රනින් වසන ලද්දේය.
11කෙරූබ්-රූපවල පියාපත්වල දිග විසි රියනක්ය. එකක පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ බිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපත රියන් පහක් දික්ව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට තට්ටුවෙන ලෙසද තිබුණේය.
12අනික් කෙරූබ්-රූපයේ පියාපතක් රියන් පහක් දිගව ගෘහයේ බිත්තියට තට්ටුවෙන ලෙසද අනික් පියාපතත් රියන් පහක් දිගව අනික් කෙරූබ්-රූපයේ පියාපතකට වැදෙන ලෙසද තිබුණේය.
13මේ කෙරූබ්-රූපවල පියාපත් විසි රියනක් විහිදී තිබුණේය. ඒවා කෙළින් පිහිටී තිබුණේය, ඒවායේ මුහුණු ගෘහය දෙසට විය.
14ඔහු නිල්, රත්නිල්, රතු නූල්වලිනුත් සිහින් හණ නූල්වලිනුත් තිරයද ඒ පිට කෙරූබ්-රූපද සෑදුවේය.
15ගෘහය ඉදිරිපිට ඔහු රියන් තිස් පහක් උස ඇති කුළුනු දෙකක් සෑදුවේය, එක ඒකේ මුදුන ���ිට තිබුණ පේකඩය පස් රියනක්ය.
16දේව වාක්යස්ථානයෙහි ඔහු දම්වැල් සාදා, ඒවා කුළුනු මුදුන්වල තබා දෙළුම් සියයක් සාදා, ඒවා දම්වැල්වල එල්ලුවේය.
17ඔහු මාලිගාව ඉදිරිපිට ඒ කුළුනු, එකක් දකුණු පැත්තේද එකක් වම් පැත්තේද පිහිටුවා, දකුණු එකට යාකීන්. යන නමද වම් එකට බෝවස්. යන නමද තැබුවේය.