Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දෙන්න.
2ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;
3තවද මා විසින් කථාකළයුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස,
4එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටි.
5නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.
6නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
7ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත.
8ඒ පිණිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත්, ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්,
9නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.
10මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.
11චර්මඡේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති.
12නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
13මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.
14ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාරි තැනද දේමස්ද නුඹලාට ආචාරකරති.
15ලවොදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න.
16මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.
17ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.
18පාවුල් නම්වූ මාගේම අතින් ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරන්න. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.