Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1නුඹ වනාහි ඉශ්රායෙල් අධිපතීන් ගැන විලාපයක් පවත්වමින් මෙසේ කියන්න:
2නුඹේ මවු කවුද? සිංහඨෙනුවක්ය. ඈ සිංහයන් මැද ලැග්ගාය, තරුණ සිංහයන් අතරෙහිද ඇගේ පැටවුන් ඇතිකළාය.
3ඇගේ පැටවුන්ගෙන් ඈ ඇතිකළ එකෙක් තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.
4ඌ ගැන ජාතන්ටද සැලවිය; ඌ ඔවුන්ගේ බොරු වළට අසුවිය. ඔව්හු ඌට කොකු දමා මිසර දේශයට ගෙන ගියෝය.
5ඈ බලා සිට ඇගේ බලාපොරොත්තුව නැතිවී තිබෙන බව දැක, තමාගේ පැටවුන්ගෙන් තවත් එකෙකුගෙන තරුණ සිංහයෙකු කළාය.
6ඌද සිංහයන් අතරේ ගැවසී, තරුණ සිංහයෙක් වී, ගොදුරු අල්ලන්ට ඉගෙනගෙන, මනුෂ්‍යයන් කෑයේය.
7ඌ ඔවුන්ගේ මාළිගා දැනගෙන, ඔවුන්ගේ නුවර නාස්තිකෙළේය; දේශයද එහි පූර්ණකමද උගේ නාදකිරීමේ ඝෝෂාවට පාළුවුණේය.
8එවිට ජාතීහු රටවලින් ඔහුට විරුද්ධව වටකරින් ඇවිත්, තමුන්ගේ දැල ඌ පිට හෙළුවෝය; ඌද ඔවුන්ගේ වළට අසුවිය.
9ඔව්හු ඌට කොකු දමා කූඩුවක ලා, බබිලෝනියේ රජු ළඟට ගෙනාවෝය; උගේ නාදය ඉශ්රායෙල් කඳුවල තවත් නෑසෙන පිණිස ඔව්හු ඌ බලකොටුවලට ගෙනාවෝය.
10නුඹේ ලේ නුඹ පිට තිබියදී නුඹේ මවු වතුර ළඟ සිටෙවු මිදිවැලක් මෙන් වූවාය. බොහෝ වතුර තිබුණ නිසා ඈ බොහෝ ඵල දැරුවාය, අතුවලින් ගැවසී ගත්තාය.
11ආණ්ඩුකාරයන්ගේ ජයකොන්ත සෑදීම පිණිස ඈට සවි ඇති දඬු තිබුණේය, ඇගේ උස වලාකුල් අතරටම උස්වී ගොස්, ඇගේ උසස්කමද ඇගේ බොහෝ අතු සමඟ පෙනුණාය.
12නුමුත් ඈ කෝපය කරණකොටගෙන උදුරනු ලැබ, හෙළනු ලැබුවාය, ඇගේ ඵල නැගෙනහිර සුළඟට වියළී ගියේය. ඇගේ සවි ඇති දඬු කැඩී වියළී ගින්නෙන් දාලාගියේය.
13දැන් වනාහි ඈ කාන්තාරයෙහි දියසීරා නැති වියළි භූමියක හිටවා තිබේ.
14ඇගේ අතුවල දඬුවලින් ගිනි නික්ම ඇගේ ඵල දවාදැමුවේය, එහෙයින් ආණ්ඩුකිරීමට ජයකොන්තයක් පිණිස ඈට සවි ඇති කිසි දණ්ඩක් නැත. මේක විලාපයක්ය, විලාපයක් පිණිස වන්නේයයි කීය.