Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:
2මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල් කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධව මෙසේ අනාගතවාක්‍ය කියන්න-
3එම්බා ඉශ්රායෙල් කඳු, ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න. කඳුවලටත් හෙල්වලටත් දියපාරවලටත් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම, මමම, නුඹලා පිටට කඩුවක් පමුණුවා, නුඹලාගේ උස්තැන් නැතිකරන්නෙමි.
4නුඹලාගේ පූජාසන පාළුවන්නේය, නුඹලගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. නුඹලාගේ මැරුම්කෑ අය නුඹලාගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.
5ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මළකඳන් ඔවුන්ගේ දේවරූප ඉදිරියෙහි දමා, නුඹලාගේ ඇට නුඹලාගේ පූජාසන වටකරින් විසුරුවන්නෙමි.
6නුඹලාගේ පූජාසන පාළුවී, නාස්තිවී, නුඹලාගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, නුඹලාගේ සූර්යරූප කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත මැකීයන පිණිස, නුඹලාගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය.
7නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
8එසේවී නුමුත් දේශවල නුඹලා විසුරුවනු ලබන කල, නුඹලාගෙන් සමහරෙක් කඩුවෙන් ගැළවී ජාතීන් අතරේ සිටින පිණිස කොටසක් ඉතිරිකරන්නෙමි.
9නුඹලාගේ ඉතිරි වෙන අය මා වෙතින් අහක්ව ගියාවූ ඔවුන්ගේ වේශ්‍යා සිත්ද තමුන්ගේ දේව රූප පස්සේ වේශ්‍යාකමින් යන ඔවුන්ගේ ඇස්ද මා විසින් බිඳදැම්මාම, ඔවුන් වාලට ගෙනයන ජාතීන් අතරේදී මා සිහිකොට, තමුන්ගේ සියලු පිළිකුල් ක්‍රියාවලින් තමුන් කළාවූ නපුරුකම් නිසා තමුන්ටම පිළිකුල්කරන්නෝය.
10මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. ඔවුන්ට මේ විපත්තිය පමුණුවන්නෙමියි කියා මා විසින් නිෂ්ඵල ලෙස කීවා නොවේයයි කීය.
11ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ අත් පා ගසමින්- අහෝ! කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද වැටෙන්ට සිටින ඉශ්රායෙල් වංශයේ සියලු නපුරු පිළිකුල් දේ���ල හැටියයි කියන්න.
12ඈත සිටින අය වසංගතයෙන් මැරෙනවා ඇත; ළඟ සිටින අය කඩුවෙන් වැටෙන්නෝය; ඉතුරුවී වටලෑමට අසුවෙන අය සාගතයෙන් නසිනවා ඇත. මෙලෙස මම ඔවුන් කෙරේ මාගේ කෝපය ඉෂ්ටකරන්නෙමි.
13ඔවුන් තමුන්ගේ සියලු දේවරූපවලට මිහිරි සුවඳ ඔප්පුකළ ස්ථාන වන උස්වූ සියලු හෙල්වලත් සියලු කඳු මුදුන්වලත් සියලු අමුගස් යටත් ඝන අතු ඇති සියලු අලෝන ගස් යටත් ඔවුන්ගේ පූජාසන වටකර ඔවුන්ගේ දේවරූප අතරෙහි ඔවුන්ගේ මැරුම්කෑවුන් වැටී සිටින කල, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.
14මම ඔවුන්ට විරුද්ධව මාගේ අත දිඟුකොට, කාන්තාරය පටන් දිබ්ලා දෙසට පිහිටි ඔවුන්ගේ වාසස්ථාන මුළුල්ලෙහි දේශය පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.