Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
32 verses
1මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්රමයක්ද විය.
2තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය.
3ඔව්හු එකිනෙකාට කථාකොට: එන්න, අපි ගඩොල් සාදා හොඳට පුළුස්සමුයයි කීවෝය. ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට කීල්ද ඔවුන්ට තිබුණේය.
4ඔව්හු: එන්න, මුළු පොළෝතලයෙහි අප විසිර නොයන පිණිස නුවරක්ද අහස දක්වා මුදුනක් ඇති කොටුවක්ද ගොඩනගා අපට නාමයක් සාදාගනිමුයයි කීවෝය.
5එවිට මනුෂ්‍ය පුත්‍රයන් ගොඩනගන නුවරද කොටුවද බලන පිණිස ස්වාමීන්වහන්සේ බැස්සසේක.
6ස්වාමීන්වහන්සේද: බලව, ඔව්හු එක සෙනඟක්ය, ඔවුන් සියල්ලන්ට ඇත්තේ එක භාෂාවක්ය; ඔවුන් කරන්ට පටන්ගන්නා දේ මේය; ඉදින් ඔවුන් කරන්ට අදහස්කරන කිසිවක් ඔවුන්ට දුෂ්කර නොවන්නේය.
7යමු, අපි බැස ඔවුන්ට එකිනෙකාගේ කථාව නොතේරෙන ලෙස එහි ඔවුන්ගේ භාෂාව අවුල්කරමුයයි කීසේක.
8මෙසේ ස්වාමීන්වහන්සේ එතැනින් මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
9ඔව්හුද නුවර ගොඩනැගීම අත්හැරියෝය. එහිදී ස්වාමීන්වහන්සේ මුළු පොළොවේ භාෂාව අවුල්කළ බැවින් ඊට බාබෙල් 11:9 එනම්, අවුල්කිරීම. නම් විය. එතැනින් ස්වාමීන්වහන්සේ මුළු පොළෝතලයෙහි ඔවුන් විසිරෙවුසේක.
10ෂෙම්ගේ පරම්පරා මේය. ෂෙම් අවුරුදු සියයක් වයස්වූ කල, ජලගැලීමට දෑවුරුද්දකට පසු ඔහුට දාව අර්පක්ෂද් උපන්නේය.
11අර්පක්ෂද් ඉපදෙවූ පසු ෂෙම් පන්සිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
12අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය.
13ෂේලා ඉපදෙවූ පසු අර්පක්ෂද් හාරසිය තුන් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
14ෂේලා තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒබෙර් උපන්නේය.
15ඒබෙර් ඉපදෙවූ පසු ෂේලා හාරසිය තුන් අවුරුද්දක් ජී���ත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
16ඒබෙර් තිස්හතර අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පෙලෙග් උපන්නේය.
17පෙලෙග් ඉපදෙවූ පසු ඒබෙර් හාරසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
18පෙලෙග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව රෙයු උපන්නේය.
19රෙයු ඉපදෙවූ පසු පෙලෙග් දෙසිය නව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
20රෙයු තිස් දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව සෙරුග් උපන්නේය.
21සෙරුග් ඉපදෙවූ පසු රෙයු දෙසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
22සෙරුග් තිස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව නාහොර් උපන්නේය.
23නාහොර් ඉපදෙවූ පසු සෙරුග් දෙසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
24නාහොර් විසිනව අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව තේරා උපන්නේය.
25තේරා ඉපදෙවූ පසු නාහොර් එකසිය දසනව අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
26තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය.
27තේරාගේ පරම්පරාව මේය. තේරාට දාව ආබ්‍රම්ද නාහොර්ද හාරාන්ද උපන්නෝය; හාරාන්ට දාව ලොත් උපන්නේය;
28හාරාන් තමා උපන් දේශයෙහි ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරදී තමාගේ පියවූ තේරා ඉදිරිපිට මෙළේය.
29ආබ්‍රම්ද නාහොර්ද භාර්යාවන් පාවාගත්තෝය; ආබ්‍රම්ගේ භාර්යාවගේ නම සාරයිය; නාහොර්ගේ භාර්යාවගේ නම මිල්කාය, ඈ මිල්කාගෙත් ඉස්කාගෙත් පියාවූ හාරාන්ගේ දුවය.
30සාරයි වඳව දරුවෙක් නැතුව සිටියාය.
31තේරා තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ද තමාගේ පුත්‍රවූ හාරාන්ගේ පුත්‍රයා වන ලොත්ද තමාගේ පුත්‍රවූ ආබ්‍රම්ගේ භාර්යාව වන තමාගේ යෙහෙළිවූ සාරයිද කැඳවාගෙන ඔවුන් සමඟ කානාන් දේශයට යන පිණිස ඌර් නම් වූ කල්දිවරුන්ගේ නුවරින් පිටත්ව ගොස් හාරාන්ට පැමිණ එහි වාසයකෙළේය.
32තේරාගේ දවස් දෙසිය පස් අවුරුද්දක්ය; තේරා හාරාන්හිදී මෙළේය.