Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ආබ්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය.
2ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.
3ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද
4තමා විසින් මුලදී සෑදූ පූජාසනයද තිබුණාවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.
5ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය.
6ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය.
7ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.
8එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ ඔබ අතරෙහිද මාගේ එඬේරුන් සහ ඔබේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.
9මුළු දේශය ඔබ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස ඔබෙන් ඉල්ලමි. ඔබ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; ඔබ දකුණු දෙසට යන්නේ නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.
10ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.
11එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන්කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය.
12ආබ්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.
13සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය.
14ආබ්‍රම් කෙරෙන් ලොත් වෙන��වූ පසු ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: ඔබේ ඇස් ඔසවා ඔබ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න.
15මක්නිසාද ඔබ දක්නාවූ මුළු දේශය ඔබටද ඔබේ වංශයටද සදාකාලයටම දෙන්නෙමි.
16ඔබේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් ඔබේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.
17නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක ඔබට දෙන්නෙමියි කීසේක.
18ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.