Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
21 verses
1මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්රම් වෙත පැමිණ: ආබ්රම්, භය නොවෙන්න; ඔබේ පලිහද ඔබේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.
2ආබ්රම් කථාකොට: ස්වාමිවූ දෙවියන්වහන්ස, මට දරුවෙක් නැත, දමස්කයේ එලියේසර් මාගේ උරුමක්කාරයා වෙන්ට සිටින්නේය, ඉතින් ඔබ මට කුමක් දෙනසේක්දැයි කීය.
3ආබ්රම්ද: බැලුව මැනව, ඔබවහන්සේ මට කිසි දරුවෙකු නුදුන්සේක; මාගේ ගෙදර උපන් කෙනෙක් මාගේ උරුමක්කාරයායයි කීය.
4එවිට ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ: මොහු ඔබේ උරුමක්කාරයා නොවන්නේය; ඔබ තුළෙන් නික්මෙන කෙනෙක්ම ඔබේ උරුමක්කාරයා වන්නේයයි කීය.
5උන්වහන්සේ ඔහු පිටතට කැඳවා: අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන් කරන්නැයි කීසේක; ඔබේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.
6ඔහු ස්වාමීන්වහන්සේ විශ්වාසකෙළේය; උන්වහන්සේ ඒක ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන්ගත්සේක.
7උන්වහන්සේ ඔහුට කථාකොට: මම වනාහි මේ දේශය උරුමකරගන්ට ඔබට දෙන පිණිස ඌර් නම්වූ කල්දිවරුන්ගේ නුවරින් ඔබ ගෙනාවාවූ ස්වාමීන්වහන්සේයයි ඔහුට කීසේක.
8ඔහුද: ස්වාමීවූ දෙවියන්වහන්ස, ඒක මට උරුම වෙන බව කුමකින් දැනගන්නෙම්දැයි කීය.
9උන්වහන්සේ ඔහුට කථාකොට: තුන් අවුරුදු ගොන්නෑම්බියෙකුත් තුන් අවුරුදු එළුදෙනකුත් තුන් අවුරුදු බැටළුවෙකුත් කොබෙයියෙකුත් පරෙවි පැටවෙකුත් මට ගෙනෙන්නැයි කීසේක.
10ඔහු ඒ සියල්ලන් ගෙනැවිත් උන් දෙපළුකොට පළුවක් ඉදිරිපිට අනික් පළුව බැගින් තැබීය. එහෙත් ඔහු පක්ෂීන් දෙපළුකළේ නැත.
11ගිජු පක්ෂීහු වනාහි මළකුණු පිටට බැස්සෝය, ආබ්රම් උන් එළෙවුවේය.
12ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
13උන්වහන්සේ ආබ්රම්ට කථාකොට: ඔබේ වංසය තමන්ට අයිති නැති දේශයෙක්හි විදේශිවන බවද ඔවුන්ට මෙහෙකරන බවද ඔවුන් අව���රුදු හාරසියයක් ඔවුන්ට පීඩාකරන බවද සැබවින් දැනගන්න.
14තවද ඔවුන් මෙහෙකරන්නාවූ ඒ ජාතිය මම විනිශ්චයකරන්නෙමි; ඉන්පසු ඔව්හු බොහෝ සම්පත් ඇතුව පිටත්ව එන්නෝය.
15එහෙත් ඔබ සමාදානයෙන් ඔබේ පියවරුන් වෙතට යන්නෙහිය; හොඳ මහලු වයසේදී තැන්පත්කරනු ලබන්නෙහිය.
16සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද ආමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.
17තවද ඉර බැස අඳුරුවූ කල, බලව, දුම් නගින උදුනක්ද ඒ පළු මැදින් යන්නාවූ දැල්වෙන ගිනිහුලක්ද පෙනුණේය.
18ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ
19කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද
20හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද රෙඵාවරුන්ද
21අමෝරිවරුන්ද කානානිවරුන්ද ගිර්ගාෂිවරුන්ද යෙබූසිවරුන්ද සන්තක මේ දේශය ඔබේ වංශයට දුනිමියි කීසේක.