Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1මේ කාරණාවලින් පසු දෙවියන්වහන්සේ ආබ්‍රහම් පරීක්ෂාකරමින්: ආබ්‍රහම් කියා ඔහුට කථාකළසේක; ඔහුද: මම මෙහියයි කීය.
2උන්වහන්සේ: ඔබේ පුත්‍රවූ ඔබ ප්‍රේමකරන ඔබේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් ඔබට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.
3ආබ්‍රහම් අලුයම නැගිට තමාගේ කොටළුවා සූදානම්කොට, තමා කැටුව තමාගේ තරුණයන්ගෙන් දෙදෙනෙකු හා තමාගේ පුත්‍රවූ ඊසාක්ද රැගෙන, දවන පූජාව පිණිස දර පළාගෙන, නැගිට දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට ගියේය.
4තුන්වෙනි දින ආබ්‍රහම් ඇස් එසවූයේ ඒ ස්ථානය දුර සිට දුටුවේය.
5ආබ්‍රහම් තමාගේ තරුණයන්ට කථාකොට: කොටළුවා සමඟ ඔබ සැම මෙහි සිටින්න, ළමයාත් මමත් අතනට ගොස් නමස්කාරකොට ඔබ සැම වෙතට නැවත එන්නෙමුයයි කීය.
6එවිට ආබ්‍රහම් දවන පූජාවට ගෙනා දර රැගෙන තමාගේ පුත්‍රවූ ඊසාක් පිට තබා තමාගේ අතින් ගිනිද පිහියද ගත්තේය; ඔව්හු දෙදෙනා එක්ව ගියෝය.
7ඊසාක් තමාගේ පියවූ ආබ්‍රහම්ට කථාකොට: මාගේ පියාණෙනියි කීය. ඔහුද: මාගේ පුත්‍රය, මම මෙහියයි කීය. ඔහු: බැලුව මැනවි, ගින්දරත් දරත් තිබේ, එහෙත් දවන පූජාවට බැටළුපැටවා කොයිදැයි කීවේය.
8ආබ්‍රහම්: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය.
9මෙසේ ඔව්හු දෙදෙනා එක්ව ගොස් දෙවියන්වහන්සේ ඔහුට කී ස්ථානයට පැමුණුණෝය; එවිට ආබ්‍රහම් එහි පූජාසනය ගොඩනගා, දර පිළිවෙළින් තබා, තම පුත්‍රවූ ඊසාක් බැඳ පූජාසනය උඩ දර පිට තැබුවේය.
10තවද ආබ්‍රහම් තමාගේ අත දිඟුකොට තම පුත්‍රයා මරන පිණිස පිහිය ගත්තේය.
11එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා ස්වර්ගයෙහි සිට ඔහුට අඬගසා: ආබ්‍රහම්, ආබ්‍රහම්යයි කීයේය. ඔහුද: මම මෙහියයි කීය.
12දේවදූතයා: ඔබේ අත තරුණයා පිට නොතබව, ඔහුට කිසිවක් නොකරව. මක්නිසාද ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා මාගෙන් නොවැළැක්ව��� බැවින් ඔබ දෙවියන්වහන්සේට භයවෙන බව දැන් දනිමියි කීයේය.
13ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.
14ආබ්‍රහම් ඒ ස්ථානයට යෙහෝවා-යිරෙ 22:14එනම්, - ස්වාමීන්වහන්සේ සපයාදෙනසේක, නොහොත් දක්නාසේක. යන නාමය තැබුවේය. මෙසේ: ස්වාමීන්වහන්සේගේ කන්දේදී සපයා දෙනුලබන්නේයයි අද දක්වා කියති.
15ස්වාමීන්වහන්සේගේ දූතයා දෙවෙනි වරත් ස්වර්ගයෙහි සිට ආබ්‍රහම්ට අඬගසා:
16ඔබේ පුත්‍රයා, ඔබේ එකම පුත්‍රයා වළක්වා නොගෙන මේ දෙය කළ බැවින්
17මම ඒකාන්තයෙන්ම ඔබට ආශීර්වාද කරන්නෙමි, අහසේ තාරකා මෙන්ද මුහුදු වෙරළෙහි වැලි මෙන්ද ඔබේ වංශය බොහෝසෙයින් වැඩිකරන්නෙමි; ඔබේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමිකරගන්නේය;
18මාගේ ශබ්දයට ඔබ කීකරුවූ නිසා ඔබේ වංශය කරණකොටගෙන පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබන්නෝය කියා මා ගැනම දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීයේය.
19ආබ්‍රහම් තමාගේ තරුණයන් වෙතට හැරී ආයේය, එවිට ඔව්හු නැගිට බෙයර්-ෂෙබාට එක්ව ගියෝය; ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි වාසය කෙළේය.
20තවද මේ කාරණාවලට පසු: බලව, මිල්කාත් ඔබේ සහෝදරවූ නාහොර් නිසා පුත්‍රයන් වැදුවායයි ආබ්‍රහම්ට කියනලද්දේය;
21එනම්, ඔහුගේ කුලුඳුලාවූ ඌශ්ද ඔහුගේ සහෝදරවූ බූශ්ද ආරම්ගේ පියාවූ කෙමුවෙල්ද,
22කෙසෙද්ද හශෝද පිල්දාෂ්ද ජීද්ලප්ද බෙතුයෙල්ද යන මොව්හුය.
23බෙතුයෙල්ට දාව රෙබෙකා උපන්නාය. මිල්කා මේ අට දෙන ආබ්‍රහම්ගේ සහෝදරවූ නාහොර් නිසා බිහිකළාය.
24රෙයුමා නම්වූ ඔහුගේ උපභාර්යාවත් තෙබාද ගහම්ද තහෂ්ද මාකාද බිහිකළාය.