Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
35 verses
1එකල තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:
2ප්‍රඥාවතෙක් සුළඟ වැනි හිස්වූ දැනගැන්මෙන් උත්තරදෙමින්, නැගෙනහිර සුළඟින් තමාගේ ළය පුරවාගන්නේද?
3ඔහු නිෂ්ඵල වචනවලින් හෝ අප්රයෝජන කථාවලින් හෝ විවාද කරනවා ඇද්ද?
4එසේය, ඔබ භක්තිය දුරුකර, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෙනෙහිකිරීම නවත්වන්නෙහිය.
5ඔබ ප්‍රයෝගකාරයන්ගේ දිව තෝරාගන්න නුමුත්, ඔබේ අයුතුකම ඔබේ මුඛයෙන් ඔප්පුවෙන්නේය;
6මා නොව ඔබේම මුඛය ඔබ වරදට පත්කරන්නේය; එසේය, ඔබේම තොල් ඔබට විරුද්ධව සාක්ෂිදෙන්නේය.
7උපන්නාවූ පළමුවෙනි මනුෂ්‍යයා ඔබද? නොහොත් ඔබ හෙල්වලට පළමුවෙන් ඉපදුණාද?
8ඔබ දෙවියන්වහන්සේගේ මන්ත්‍රණ සභාවෙහි හිඳ, ඔබ වෙත ප්‍රඥාව තබාගන්නෙහිද?
9අප නොදන්න මොන දෙයක් ඔබ දන්නවාද? අපට නැති මොන දැනගැන්මක් ඔබට තිබෙනවාද?
10ඔබේ පියාටත් වඩා මහලුවූ හිස පැසුණු අයද ඉතා වයස්ගතවූවෝද අප අතරේ සිටිති.
11දෙවියන්වහන්සේගේ සැනසිලිත් ඔබ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් ඔබට මදිද?
12දෙවියන්වහන්සේට විරුද්ධව ඔබේ සිත හරවා, ඔබේ කටින් මෙබඳු වචන නික්මවන හැටියට,
13ඔබේ සිත ඔබව ගෙනයන්නේ මන්ද? ඔබේ ඇස් ඉඟිකරන්නෙත් මක්නිසාද?
14මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
15බලව, උන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් කෙරෙහි විශ්වාසය නොතබනසේක. එසේය, ස්වර්ගවල් උන්වහන්සේගේ ඇස් ඉදිරිපිට පිරිසිදු නැත.
16එසේ නම් පිළිකුල්වූ, කිළිටුවූ, අපරාධය වතුර මෙන් බොන්නාවූ මනුෂ්‍යයා පිරිසිදුකමින් ඊටත් කොපමණ අඩු නොවන්නේද?
17ඔබට පෙන්වන්නෙමි, මා කියන දේ අසන්න; මා දැක තිබෙන දේද කියාදෙන්නෙමි.
18එය ප්‍රඥාවන්තයෝ තමුන්ගේ පියවරුන්ගෙන් දැනගෙන, නොසඟවා දැන්නුවෝය.
19දේශය දෙනලද්දේ ඔවුන්ට පමණක්ය, විදේශිකයෙක්ද ඔවුන් අතරට නොපැමුණුණේය.
20දුෂ්ටයා තමාගේ සියලු දවස්වලද බලාත්කාරකාරයාට නියමකර තිබෙන අවුරුදු ගණන මුළුල්ලෙහිද වේදනාවෙන් පෙළෙන්නේය.
21භයංකර ශබ්ද ඔහුගේ කන්වලට ඇසෙන්නේය; සමෘධියේදී නාස්තිකරන්නා ඔහු පිටට පැමිණෙන්නේය.
22තමා අන්ධකාරයෙන් මිදෙන්නේය කියා ඔහු විශ්වාස නොකරයි; ඔහු කඩුවට නියමව සිටින්නේය.
23කෑම කොතැන තිබේද කියා සොයමින් ඔහු ඔබ මොබ යන්නේය; අන්ධකාරයේ දවස තමාගේ අත ළඟ සූදානම්ව තිබෙන බව ඔහු දන්නේය.
24විපත්තියත් වේදනාවත් ඔහු භයගන්වා, සටනට සැරසී සිටින රජෙකු මෙන් ඔහු පරාජයකරන්නේය.
25මක්නිසාද ඔහු දෙවියන්වහන්සේට විරුද්ධව තමාගේ අත දිගුකළේය, සර්වපරාක්‍රමයාණන්ට විරුද්ධව උඩඟුකම් කර,
26තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.
27ඔහු තමාගේ මුහුණ තරකමෙන් වසා, තුනටිය තරකරගෙන,
28පාළු නුවරවලද වැසියන් නැත්තාවූ ගල් ගොඩවල් වෙන්ට නියමවූ ගෙවල්වලද වාසයකළේය.
29ඔහු පොහොසත් වන්නේවත්, ඔහුගේ වස්තුව පවතින්නේවත්, ඔවුන්ගේ සම්පත් පොළොවෙහි පැතිර යන්නේවත් නැත.
30ඔහු අන්ධකාරයෙන් පිටවී නොයන්නේය; ගිනි දළුවට ඔහුගේ අතු වියළී, උන්වහන්සේගේ මුඛයේ හුස්මට ඔහු පහව යන්නේය.
31තමාම රවටාගනිමින් ඔහු දුෂ්ටකම කෙරෙහි විශ්වාසය නොතබාවා. මක්නිසාද දුෂ්ටකම ඔහුගේ විපාකය වන්නේය.
32ඔහුගේ කාලයට පළමුවෙන් එය ඉෂ්ට වන්නේය, ඔහුගේ තල්අත්ත අමුව නොතිබෙන්නේය.
33ඔහු මුද්‍රිකවැල මෙන් තමාගේ නො පැසුණු ඵල හෙළාදමන්නේය, ඔලීව ගස මෙන් තමාගේ මල් සොලවාදමන්නේය.
34මක්නිසාද අභක්තිකයාගේ සමාගම නිස්සාරය; අල්ලස් ගැනීමේ කූඩාරම්ද ගින්නට දාලා යන්නේය.
35ඔව්හු අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහිකරන්නෝය, ඔවුන්ගේ ගර්භයද ප්‍රයෝගය යොදන්නේයයි කීවේය.