Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
16 verses
1මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.
2සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.
3ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?
4මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ. එබැවින් ඔබ ඔවුන් උසස් නොකරනසේක.
5තමාගේ මිත්රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.
6උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.
7මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.
8අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.
9එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.
10නුමුත් ඔබ සැම සියලු දෙනා දැන් හැරී එන්න. ඔබ සැම අතරේ ප්රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.
11මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.
12ඔව්හු රාත්රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.
13මාගේ ගෙය කොට ෂෙයෝල 17:13 හෙවත්, මිනීවළ. ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.
14ඔබ මාගේ පියායයි කුණුවීමටත් ඔබ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.
15එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?
16ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ 17:16 එනම්, මිනීවළේ. අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.