Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
6 verses
1එවිට ෂූහියවූ බිල්දද් උත්තර දෙමින් කියනුයේ:
2අධිපතිකමද භයංකරකමද උන්වහන්සේ වෙත තිබේ; උන්වහන්සේ තමන් උස් තැන්වලදී සමාදානය සිදුකරනසේක.
3උන්වහන්සේගේ හමුදාවලට ගණනක් තිබේද? උන්වහන්සේගේ එළිය නොපායන්නේ කා කෙරෙහිද?
4එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
5බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති.
6පණුවෙක් වැනිවූ මනුෂ්‍යයාත් පණුවෙක් වැනිවූ මනුෂ්‍ය පුත්‍රයාත් ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේදැයි කීවේය.