Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
14 verses
1එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:
2ඔබ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!
3නුවණ නැත්තාට දැනුමැතිකම් දී, සැබෑ දැනගැන්ම බොහෝසෙයින් ප්රකාශකළ හැටි!
4නුඹ කාට වචන කීවෙහිද? නුඹෙන් නික්ම ආවේ කාගේ ආත්මයද?
5ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති.
6ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත.
7උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.
8උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි.
9උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක.
10එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්රයක් ඇඳ තිබේ.
11උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්රස්තවෙති.
12උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චලකරනසේක; තමන්වහන්සේගේ නුවණින් රාහබ්ට ඇන දමනසේක.
13උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන අහස අලංකාරව තිබේ; උන්වහන්සේගේ අත ශීඝ්ර සර්පයා තුවාලකළසේක.
14මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.