Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
22 verses
1තමාම ධර්මිෂ්ඨ යයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙන ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.
2එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය.යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.
3ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.
4එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.
5මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.
6එකල බූසිය බාරෙකල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි ඔබ සැම නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ ඔබ සැමට කියන්ට භයවීමි.
7වෘද්ධ 32:7 එනම්, වයෝවෘද්ධයන්. වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.
8එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.
9ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.
10එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි.
11මම ඔබ සැමගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැ යි ඔබ සැම සොයාගන්න තුරු ඔබ සැමගේ වාදයට ඇහුම්කන්දුනිමි,
12එසේය, ඔබ සැමට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් ඔබ සැම අතරේ නොවීය.
13එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.
14මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් ඔබ සැමගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.
15ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.
16එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින න��සා මම බලා සිටිම්ද?
17ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
18මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.
19මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්රකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
20මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
21මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
22මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.