Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
33 verses
1ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
2මෙන්න, මාගේ මුඛය ඇරියෙමි, මාගේ මුඛයෙහි මාගේ දිව කථාකෙළේය.
3මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.
4දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත්කරන්නේය.
5ඔබට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.
6දෙවියන්වහන්සේ වෙත ඔබ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.
7මාගේ භීතිය ඔබ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම ඔබට බරක් නොවන්නේය.
8සැබවින් මා අසාගන සිටියදී, ඔබේ වචනවල ශබ්දය මට ඇසෙන ලෙස ඔබ කථාකොට:
9මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි; මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි.
10උන්වහන්සේ මා ගැන විරුද්ධ කාරණා සොයාගන, සතුරෙකු කොට මා ගණන්ගන්නාසේක;
11මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.
12මේ ගැන ඔබ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම ඔබට උත්තර දෙන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උතුම්ය.
13උන්වහන්සේට විරුද්ධව ඔබ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක.
14මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරදක්, එසේය, දෙවරක්,
15ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.
16එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,
17ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,
18උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්රාකරනසේක.
19ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය.
20ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්රියකරන්නේය.
21නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.
22එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.
23මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්,
24උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.
25එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.
26ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.
27ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.
28මිනීවළට යාමෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මිදූසේක, මාගේ ජීවිතයද එළිය දකින්නේයයි කියනවා ඇත.
29මනුෂ්‍යයාට ජීවත්වීමේ එළිය ලැබීමට ඔහුගේ ප්‍රාණය මිනීවළෙන් නැවත ගෙනෙන පිණිස,
30දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.
31එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.
32කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද ඔබ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.
33නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම ඔබට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.