Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
9 verses
1ස්වාමීන්ට ප්රශංසාකරව්. ස්වාමීන්ගේ මෙහෙකරුවෙනි, ප්රශංසාකරව්, ��්වාමීන්ගේ නාමයට ප්රශංසාකරව්.
2මෙතැන් පටන් සදාකල් ස්වාමීන්ගේ නාමයට ප්රශංසාවේවා;
3නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්රශංසා කටයුතුය.
4ස්වාමීන්වහන්සේ සියලු ජාතීන්ට උසස්ව සිටිනසේක, උන්වහන්සේගේ තේජස ස්වර්ගවලට වඩා උසස්ය.
5උසස් තැන්හි වැඩ හිඳින්නාවූ, ස්වර්ගයේද පෘථිවියේද තිබෙන දේ
6බලන්ට තමන්ම යටත්වන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්ට සමාන කවුද?
7අධිපතීන් සමඟ, එනම්, ස්වකීය සෙනඟගේ අධිපතීන් සමඟ, හිඳුවන පිණිස
8උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.
9උන්වහන්සේ වඳ ස්ත්රීය දරුවන් ඇති ගෙය රක්නාවූ ප්රීතිමත් මවෙක් කරවනසේක. ස්වාමීන්ට ප්රශංසාකරව්.