Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
8 verses
1ඉශ්රායෙල් මිසරයෙන්ද යාකොබ්ගේ වංශය අන්‍ය භාෂාවක් ඇති මනුෂ්��� ජාතියකින්ද නික්ම ගිය කල
2යූදා උන්වහන්සේගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් උන්වහන්සේගේ රාජ්‍යය විය.
3මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.
4කඳු බැටළුවන් මෙන්ද කුඩා හෙල් බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළියෝය.
5එම්බා මුහුද, ඔබ පලායන්නෙත්, යොර්දාන, ඔබ ආපසු හැරෙන්නෙත් ඔබ සැමට කුමක් වෙලාද?
6එම්බා කඳු, ඔබ සැම බැටළුවන් මෙන්ද කුඩා හෙල්, ඔබ සැම බැටළුපැටවුන් මෙන්ද පෙංකෙළින්ගේ ඔබ සැමට කුමක් වෙලාද?
7එම්බා පොළොව පර්වතය දිය පොකුණක්ද ගිනිගල දිය උල්පතක්ද කළාවූ
8ස්වාමීන් ඉදිරියෙහි, එනම් යාකොබ්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි, වෙවුලව.