Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
18 verses
1ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ග��රවය දුන මැනව.
2ඔවුන්ගේ දෙවියෝ දැන් කොතැන්හිදැයි ජාතීන් විසින් කියන්ට ඉඩදෙන්නේ මන්ද?
3එහෙත් අපේ දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය. උන්වහන්සේ කැමති කොයි දෙයක් නුමුත් කළසේක.
4ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්තයෝය.
5ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති; ඇස් ඇත, එහෙත් නොදකිති;
6කන් ඇත, එහෙත් නොඅසති; නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති;
7අත් ඇත, එහෙත් නාල්ලති; පා ඇත, එහෙත් නොඇවිදිති; උගුරෙන් කථා නොකෙරෙති.
8ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.
9එම්බා ඉශ්රායෙල්, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
10එම්බා ආරොන්ගේ වංශය, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්. ඔවුන්ගේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.
11ස්වාමීන් කෙරෙහි භය ඇත්තෙනි, ස්වාමීන් කෙරෙහි විශ්වාසකරව්.’ ඔවුන්ගේ උපකාරයන් පලිහත් උන්වහන්සේය.
12ස්වාමීන්වහන්සේ අප සිහිකළසේක; අපට ආශීර්වාදකරනසේක. උන්වහන්සේ ඉශ්රායෙල් වංශයට ආශීර්වාදකරනසේක; උන්වහන්සේ ආරොන්ගේ වංශයට ආශීර්වාදකරනසේක.
13ස්වාමීන් කෙරෙහි භය ඇති ලොකු කුඩා සියල්ලන්ට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
14ස්වාමීන්වහන්සේ ඔබ සැම හා ඔබ සැමගේ දරුවන් වඩ වඩා වර්ධනයකරනසේක්වා.
15අහසත් පොළොවත් මැවූ ස්වාමීන්ගෙන් ඔබ සැම ආශීර්වාදලද්දෝය.
16ස්වර්ග වනාහි ස්වාමීන්ගේ ස්වර්ගය; නුමුත් පොළොව උන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දුන්සේක.
17මළාහුවත් නිශ්ශබ්ද ස්ථානයට යන්නාහුවත් ස්වාමීන්ට ප්‍රශංසා නොකෙරෙති;
18නුමුත් අපි මෙතැන් පටන් සදාකල්ම ස්වාමීන් වර්ණනාකරන්නෙමුව. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.