Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
6 verses
1ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්��ාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
2මක්නිසාද ඔබ ඔබේ අත් වැඩේ ඵල කන්නෙහිය. ඔබ වාසනාවන්තවන්නෙහිය, ඔබට ශුභ සිද්ධවන්නේය.
3ඔබේ භාර්යාව ඔබේ ගෙය ඇතුළෙහි ඵලදෙන මිදිවැලක් මෙන් වන්නීය. ඔබේ දරුවෝ ඔබේ මේසේ අවට ඔලීව පැළ මෙන් වන්නෝය.
4බලව, ස්වාමීන් කෙරෙහි භයවන තැනැත්තේ මෙසේ ආශීර්වාදකරනසේක.
5ස්වාමීන්වහන්සේ සියොන්හි සිට ඔබට ආශීර්වාදකරනසේක. ඔබේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.
6එසේය, ඔබේ දරුවන්ගේ දරුවන් දක්නෙහිය. ඉශ්රායෙල්ට සමාදානය වේවා.