Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
8 verses
1ඉශ්රායෙල් දැන් මෙසේ කියත්වා: මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය.
2මාගේ තරුණ වයසේ පටන් ඔව්හු බොහෝ වර මට පීඩාකළෝය. එහෙත් මාගෙන් ජය නොගත්තෝය.
3හී හාන්නෝ මාගේ පිටෙහි හෑවෝය; තමුන්ගේ හීවිටි දීර්ඝකොට හෑරූය.
4ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨය. උන්වහන්සේ දුෂ්ටයන්ගේ බැමි කපාහැරියසේක.
5සියොන්ට ද්වේෂකරන සියල්ලෝ ලජ්ජාවී ආපසු හරවනු ලබත්වා.
6වැඩෙන්ට පළමුවෙන් වියළීයන්නාවූ වහල පිට තෘණ මෙන් වෙත්වා.
7කපන්නා එයින් තමාගේ මිටවත් මිටි බඳින්නා තමාගේ තුරුල්ලවත් නොපුරවයි.
8මගයන්නෝද: ස්වාමීන්ගේ ආශීර්වාදය ඔබ සැමට වේවා; ස්වාමීන්ගේ නාමයෙන් ඔබ සැමට ආශීර්වාදකරමුයයි නොකියති.