Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
6 verses
1ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ ��ුහුණ මාගෙන් සඟවනසේක්ද?
2කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද?
3මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව.
4නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්රීතිවන්නෝය.
5එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්රීති වන්නේය.
6ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි.