Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
7 verses
1අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔ���්හු පිළිකුල් ක්රියා කළෝය; යහපත කරන්නෙක් නැත.
2නුවණින් ක්රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්යපුත්රයන් දෙස බැලූසේක.
3සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.
4ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?
5ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.
6ස්වාමීන්වහන්සේ දිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් ඔබ සැම ඔහුගේ මන්ත්රණය ලජ්ජාවට පෙරළන්නහුය.
7අහෝ සියොන් කෙරෙන් ඉශ්රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්රීතිවන්නේය, ඉශ්රායෙල් සන්තෝෂවන්නේය.