Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
24 verses
1ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක.
2ඔබ මාගේ හිදීමද නැඟිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.
3ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක.
4මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය.
5ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක.
6මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි.
7ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද?
8මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි1 39:8 හෙවත්, පාතාලයෙහි. මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය.
9මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්;
10එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නෝය.
11සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්රිය වන්නේයයි කීයෙම් නුමුත්,
12අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය.
13මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක.
14මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි.
15මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය.
16ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය.
17දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!
18ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.
19දෙවියන්වහන්ස, සැබවින් ඔබ දුෂ්ටයා මරනසේක. එබැවින් මිනීමරුවෙනි, මා වෙතින් අහක්ව යව්.
20මක්නිසාද ඔව්හු දුෂ්ටලෙස ඔබට විරුද්ධව කථාකෙරෙති, ඔබගේ සතුරෝ ඔබගේ නාමය නිරර්ථකයේ කියති.
21ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව ගැනිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?
22සම්පූර්ණ වෛරයකින් ඔවුන්ට වෛර කරමි. ඔවුන් මාගේ සතුරන් කොට ගණන් ගනිමි.
23දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.
24යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.