Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1ස්වාමිනි, නපුරු මනුෂ්‍යයාගෙන් මා ගැළෙවුව මැනව; බලාත්කාරකරන්නාග��න් මා ආරක්ෂා කළ මැනව.
2ඔව්හු සිතින් නපුරු උපා යොදති; නොකඩවම යුද්ධ උපදවති.
3ඔව්හු සර්පයෙකු මෙන් තමුන්ගේ දිව තියුණුකළෝය, ඔවුන්ගේ තොල් යට පොළොං විෂ ඇත.
4ස්වාමීනි, දුෂ්ටයාගේ අත්වලින් මා රැකගත මැනව; බලාත්කාරකරන්නාගෙන් මා ආරක්ෂා කළ මැනව. ඔව්හු මාගේ පාද නෙරපාදමන්නට සිතුවෝය,
5උඩඟු අය මට මලපතක් තබා රැහැන් ඇද්දෝය; ඔව්හු මග අසබඩ දැලක් එළා, මට මලපත් තැබූය.
6ඔබ මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන්ට කීමි. ස්වාමිනි, මාගේ කන්නලව් ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
7මාගේ ගැළවීමේ ශක්තියවූ ස්වාමීවූ දෙවියන්වහන්ස, යුද්ධ දවසේදී ඔබ මාගේ හිස වැසූසේක.
8ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.
9මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.
10ඔවුන් පිට ගිනි අඟුරු වැටේවා. ඔව්හු ගින්නෙහිද ගොඩ එන්ට බැරි ගැඹුරු වළවලද හෙළනු ලබත්වා.
11නපුරුවූ කේලාම්කාර මනුෂ්‍යයා පොළොවෙහි ස්ථිර නොවන්නේය. බලාත්කාරකරන්නා හෙළන පිණිස නපුර ලුහුබැඳින්නේය.
12ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළින්ඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.
13සැබවින් ධර්මිෂ්ඨයෝ ඔබගේ නාමයට ස්තුතිකරන්නෝය. අවංකයෝ ඔබ ඉදිරියෙහි වාසයකරන්නෝය.