Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
10 verses
1ස්වාමීනි, මම ඔබට යාච්ඤාකෙළෙමි; මා ළඟට ඉක්මනින් අව මැනව. ඔබට යාච්ඤාකරන කල මාගේ ශබ්දයට ඇහුම්කන්දුන මැනව.
2මාගේ යාච්ඤාව ඔබ ඉදිරියේ සුවඳ දුම් මෙන්ද මාගේ අත් එසවීම සන්ධ්‍යා පූජාව මෙන්ද පිහිටා ගනීවා.
3ස්වාමිනි, මාගේ කටෙහි රැකවලක් තබා, මාගේ තොල් නමැති දොර රක්ෂාකළ මැනව.
4අයුතුකම්කරන මනුෂ්‍යයන් සමඟ දුෂ්ට ක්‍රියාවල පවතින ලෙස, කිසි නපුරු දෙයකට මාගේ සිත යොමුවෙන්ට නොකළ මැනව; ඔවුන්ගේ මිහිරි දේද අනුභව නොකෙරමේවා.
5ධර්මිෂ්ඨයා මට පහරදේවා, ඒක කරුණාවක් වන්නේය; ඔහු මට තරවටුකෙරේවා, එය හිස පිට තෙල් මෙන් වන්නේය; මාගේ හිස ඊට අප්‍රිය නොකෙරේවා. මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම අතරේදී පවා මාගේ යාච්ඤාව පවතින්නේය.
6ඔවුන්ගේ විනිශ්චයකාරයෝ ප්‍රපාතවලින් හෙළනු ලබති; ඔව්හු මාගේ වචන අසන්නෝය; මක්නිසාද ඒවා මිහිරිය.
7පොළොව හාලා පෙරළන කල්හි මෙන් අපේ ඇට මිනීවළේ කට ළඟ ඉසිරී තිබේ.
8එසේය, ස්වාමිවූ දෙවියන්වහන්ස, මාගේ ඇස් ඔබ දෙස යොමුවී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි; මාගේ ප්‍රාණය අසරණවෙන්ට නොහළ මැනව.
9ඔවුන් මට තැබූ මලපතින්ද අයුතුකම්කරන්නන්ගේ උගුල්වලින්ද මා ආරක්ෂාකළ මැනව.
10මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.