Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
17 verses
1ස්වාමිනි, ඔබගේ කන නමා මට උත්තරදුන මැනව; මක්නිසාද මම දුප්පත්මි, දිළින��දෙමි.
2මාගේ ප්‍රාණය රක්ෂාකළ මැනව; මක්නිසාද මම භක්තිවන්තයෙමි. මාගේ දෙවියන්වහන්ස, ඔබ කෙරෙහි විශ්වාසකරන ඔබගේ මෙහෙකරුවා ගැළෙවුව මැනව.
3ස්වාමිනි, දවස මුළුල්ලේම ඔබට හඬා සිටින බැවින් මට කරුණාකළ මැනව.
4ස්වාමිනි, ඔබ දෙසට මාගේ ආත්මය ඔසවන බැවින් ඔබගේ මෙහෙකරුවාගේ ආත්මය ප්‍රීතිමත්කළ මැනව.
5මක්නිසාද ස්වාමිනි, ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක, ඔබට යාච්ඤාකරන සියල්ලන්ට ඔබ බොහෝ කරුණාවන්තය.
6ස්වාමිනි, මාගේ යාච්ඤාවට කන්දුන මැනව; මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
7මාගේ විපත්ති දවසේදී ඔබට යාච්ඤා කරන්නෙමි; මක්නිසාද ඔබ මට උත්තරදෙනසේක.
8ස්වාමිනි, දෙවිවරුන් අතරේ ඔබට සමාන කිසිවෙක් නැත; ඔබගේ ක්‍රියාවන්ට සමානවූ ක්‍රියාද නැත.
9ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.
10මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.
11ස්වාමිනි, ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව; ඔබගේ සැබෑකමෙහි හැසිරෙන්නෙමි. ඔබගේ නාමයට භයවෙන පිණිස මාගේ සිත එකඟකළ මැනව.
12මාගේ දෙවිවූ ස්වාමිනි, මාගේ මුළු සිතින් ඔබට ප්‍රශංසාකරන්නෙමි; සදාකල් ඔබගේ නාමයට ගෞරව කරන්නෙමි.
13මක්නිසාද මා කෙරෙහි ඔබගේ කරුණාව මහත්ය; ඉතා ගැඹුරු වළෙන් ඔබ මාගේ ප්‍රාණය මුදාගත්සේක.
14දෙවියන්වහන්ස, උදාරම්කාරයෝ මට විරුද්ධව නැගිට සිටිති, බාලාත්කාරකරන්නන්ගේ සභාව මාගේ ප්‍රාණය සෙවීය, ඔවුන් තමුන් ඉදිරියෙහි ඔබ තබාගන නැත.
15එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,
16මා දෙසට හැරී මට කරුණාකළ මැනව; ඔබගේ මෙහෙකරුවාට ඔබගේ ශක්තිය දී, ඔබගේ මෙහෙකාරීගේ පුත්‍රයා ගැළෙවුව මැනව.
17ස්වාමිනි, ඔබ මට උපකාරකොට සැනසූ බැවින්, මට වෛරවෙන්නන් විසින් දැක ලජ්ජාවන පිණිස, මා සඳහා ශුද්ධ නිමිත්තක් පෙන්නුව මැනව.