Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
7 verses
1උන්වහන්සේගේ [නුවර] අත්තිවාරම ශුද්ධ කඳුවලය.
2ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ වාසස්ථාන සියල්ලට වඩා සියොන් දොරටුවලට ප්‍රේමවනසේක.
3එම්බා දෙවියන්වහන්සේගේ නුවර, ඔබ ගැන කීර්තිමත් දේ කියා තිබේ.
4මා අඳුනන්නන් අතරෙහි මෙන් රාහබ් සහ බබිලෝනිය ගැන සඳහන්කරන්නෙමි. පිලිස්තියා සහ තීර්ද කූෂ් රටද බලව; මේ තෙමේ එහි උපන්නේය.
5එසේය, සියොන් ගැන: ඔහුද මොහුද ඈ තුළ උපන්නේයයි කියනු ලබන්නේය; මහෝත්තමයාණෝම ඈ ස්ථිර කරනසේක.
6ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන්ගේ නම් ලියන කල: මේ තෙමේ එහි උපන්නේයයි ගණන්ගන්නාසේක.
7ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල ඔබ තුළෙහියයි කියන්නෝය.