Loading Bible Translation
First-time download in progress. This may take a few seconds…
Sinhala Holy Bible Wordproject Bible
13 verses
1ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹේ ප්‍රේමවන්තයා කොතැනට ගියේද? නුඹේ ප්‍රේමවන්තයා කොයි දෙසට හැරීගියේද? අපි නුඹ සමඟ ඔහු සොයන්නෙමුව.
2මාගේ ප්‍රේමවන්තයා උයන්වල රැළ කවන පිණිසත් මහනෙල් නෙලාගන්න පිණිසත් තමාගේ උයනෙහි සුවඳ ගස් පාත්තිවලට ගියේය.
3මම මාගේ ප්‍රේමවන්තයාගේය, මාගේ ප්‍රේමවන්තයා මාගේය. ඔහු මානෙල් අතරේ තමාගේ රැළ කවයි.
4මාගේ සොඳුර, නුඹ තිර්සා මෙන් අලංකාරය. යෙරුසලම මෙන් ශෝභනය, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නව සිටින්නීය.
5නුඹේ ඇස් මා වෙතින් හරවාගන්න, මක්නිසාද ඒවා මා වසඟකරයි. නුඹේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් මෙන්ය.
6නුඹේ දත් තනිවූ එකෙක්වත් නැතුව සෑමදෙනම නිඹුලුන් ඇත්තාවූ, නාවනු ලැබ නැගී එන්නාවූ බැටළුදෙනුන් රැළක් මෙන්ය.
7නුඹේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන නුඹේ කම්මුල් දෙළුම් පළුවක් මෙන්ය.
8බිසෝවරුන් සැටක්ද උපභාර්යාවන් අසූවක්ද ගණන් නැති කන්‍යාවෝද සිටිති.
9මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, අසමාන තැනැත්තීය. ඈ ඇගේ මවුගේ එකම දරුවාය; ඈ වැදූ ඇත්තීගේ ප්‍රිය තැනැත්තීය. දූවරු ඈ දැක ඈ වාසනාවන්තීයයි කීවෝය; එසේය, බිසෝවරු උපභාර්යාවෝද දැක ඇය වර්ණනාකළහ.
10අරුණාලෝකය මෙන් නැගීඑන්නාවූ, සඳ මෙන් රුව ඇත්තාවූ, ඉර මෙන් දිළෙන්නාවූ, කොඩි ගත් සේනාවක් මෙන් බලසම්පන්නවූ මෑ කවුද?
11මම මිටියාවත් ගස් කොළන් බලන්ටත්, මිදිවැල් දළු දැමුවේද? දෙළුම්ගස්වල මල් පිපුණේදැයි බලන්ටත්, කොට්ටම්බා උයනට බැස ගියෙමි.
12මට දැනෙන්ට පළමුවෙන් මාගේ ආත්මය මාගේ වංශාධිපති සෙනඟගේ රථ අතරේ මා තැබීය.
13ෂූලම්මීය, හැරී එන්න, හැරී එන්න; අප නුඹ බලන පිණිස හැරී එන්න, හැරී එන්න. මහනායිම්හි* නැටුම මෙන් නුඹලා ෂූලම්මීය බලන්ට කැමතිවන්නේ මක්නිසාද? (* හෙවත්, සේනා දෙකේ)